ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට තවත් එක්දින තරගාවලියක් හිමිවන ලකුණු

Date:

එළඹෙන ජූලි හා අගෝස්තු මාසවලට යෙදී ඇති බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී අමතර පන්දුවාර 20යි 20 තරග දෙකක් ක්‍රීඩා කිරීම සදහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එකග වී ඇති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

අදාළ සංචාරය සදහා ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට මීට පෙර නියමිතව තිබූ නමුත්, 20යි 20 තරග 3 වෙනුවට තරග 5ක් පැවැත්වීමටයි මේ වන විට එකගතාවයට පැමිණ ඇත්තේ.

තරග සංචාරයට අදාළ තරග කාලසටහන මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

මේ අතර, එළඹෙන ජූනි මාසය අගදී තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීම සම්බන්ධයෙන් ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත්, එම තරගාවලිය පැවැත්වෙන්නේ කුමන කණ්ඩායමක් සමග දැයි මෙතෙක් නිසි තොරතුරු වාර්තා වන්නේ නැහැ.

එම තරගාවලිය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතන කිහිපයක් සමගම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සාකච්ඡා පවත්වා ඇති බව ද සදහන්.

තරගාවලිය බොහෝ විට ශ්‍රී ලංකාව සමග හෝ ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට ඉඩ ඇති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත්, 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිම්බාබ්වේ හී දී ආරම්භ විමට නියමිත අතර, එම තරගාවලියට ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට සිදුවුවහොත් ඉන්දියාවට එරෙහි මෙම තරගාවලියට ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...