පවෙල්ගේ ප්‍රහාරය හමුවේ පන්දුවාර 11 කට සීමා වූ තරගයේ ජය කඩුලු 3 කින් කොදෙව්වන්ට

Date:

බටහිර ඉන්දීය කොදෙව් නායක රොව්මන් පවෙල් පන්දු 18 කින් නොදැවී වාර්තා කළ ලකුණු 43 හමුවේ වර්ෂාව හේතුවෙන් පන්දුවාර 11 කට සීමා වූ දකුණු අප්‍රිකාවට එරෙහි පළමු 20යි 20 තරගයෙන් කඩුලු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොදෙව්වන් අද(25) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා පන්දුවාර 11 කදී ලකුණු 132 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් ඉනිම නිමා වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහි ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

කොදෙව්වන් ජයග්‍රහනය කරා රැගෙන ගිය පවෙල්ගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහරක් ඇතුළත් වුණා. ජොන්සන් චාර්ල්ස් ලකුණු 28 (14) ක් ද, බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 23(8)ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී සිසන්ඩා මාගලා ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 131 ක් වාර්තා කළේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.

ඩේවිඩ් මිලර් පන්දු 22 කින් ලකුණු 48 ක් වාර්තා කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සමගින්. ක්වෙන්ටන් ඩී කොක් තරගයේ පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 21(12) යි. සිසන්ඩා මාගලා ලකුණු 18 ක් පන්දු 5 කින් නොදැවී වාර්තා කළා.

පන්දු යැවීමේ දී ශෙල්ඩන් කොට්‍රෙල් හා ඔඩියන් ස්මිත් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට කොදෙව්වන් පෙරමුණේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...