සිම්බාබ්වේ කණ්ඩායමට තරග 2-1 ක තරගාවලි ජයක්

Date:

Wessly Madhevere හා ගැරී බැලන්ස් රැස් කළ අර්ධ ශතක හා ශෝන් විලියම්ස්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් නෙදර්ලන්තය සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද(25) සමත් වුණා.

හරාරේ හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 232 ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ පිල පන්දුවාර 41.4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

බැලන්ස් නොදැවී ලකුණු 64 ක් ද, Madhevere ලකුණු 50 ක් ද, නායක ක්‍රෙයිග් අර්වින්ගේ ලකුණු 44 ක් ද, ශෝන් විලියම්ස් ලකුණු 43 ක් ද රැස් කරමින් සිම්බාබ්වේ ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ශරිස් අහ්මඩ් ලකුණු 71 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 50 අවසානයේ ලකුණු 231 ක් ලබා ගත්තේ කඩුලු 9 ක් දැවී සිටියදීයි.

Max O’Dowd ලකුණු 38ක්, Colin Ackermann ලකුණු 37 ක් හා Scott Edwards ලකුණු 34 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශෝන් විලියම්ස් ලකුණු 41 කට කඩුලු 3 ක් බිද හෙලූ අතර, සිකන්ඩා රාසා කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...