IPL පිටියට හදුන්වා දෙන අලුත්ම නීතිය

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක කාලයක් පමණයි.

තරගාවලිය මාර්තු 31 වැනිදා අහ්මදාබාද් හී දී ආරම්භ වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයත් සමගින්.

මෙවර තරගාවලිය සදහා නව තරග කොන්දේසි කිහිපයක්ම හදුන්වා දීමට තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

ඒ අතරින් වඩාත් කැපී පෙනෙන කොන්දේසියක් බවට පත්ව ඇත්තේ තරගයකට ක්‍රීඩා කරන සිය අවසන් 11 දෙනාගේ නම් කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව ප්‍රකාශයට පත් කිරීම සදහා කණ්ඩායම් වෙත අවසර ලබා දී තිබීමයි.

මේ වන විට පවතින නීති ප්‍රකාරව කණ්ඩායම් විසින් තරගයකට ක්‍රීඩා කරන සිය කණ්ඩායම් දෙකේ ක්‍රීඩක ලැයිස්තුව කාසියේ වාසිය උරගා බැලීමට පෙර හුවමාරු කර ගත යුතුයි.

කෙසේ වෙතත්, නව නීතියට අනුව කණ්ඩායම් දෙක විසින් සිය කණ්ඩායමේ 11 දෙනාගේ නාමලේඛනය හුවමාරු කර ගත යුතු වන්නේ කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුවයි.

එහිදී කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව තම කණ්ඩායම පළමුව පන්දු යවන්නේ ද, පිතිකරණයේ නිරත වන්නේ ද යන්න සම්බන්ධයෙන් දැන ගැනීමෙන් පසුව ඊට ගැලපෙන පරිදි හොදම 11 දෙනාගේ කණ්ඩායම නම් කළ හැකියි.

එය උපායමාර්ගිකව ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු කිරීමට කණ්ඩායම් දෙක සදහා අවසර ලබා දෙන “Impact player” (බලපෑම් ක්‍රීඩකයා) නම් කිරීම සම්බන්ධයෙන් සැලසුම් කිරීමට ද කණ්ඩායම් දෙක සදහා සහායක් වනු ඇති.

මෙම වසර මුල දකුණු අප්‍රිකාවේ පැවැති SA20 තරගාවලියේ දී ද කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව කණ්ඩායම් නම් කිරීම සදහා අවසර ලබා දී තිබුණා.

එහිදී කණ්ඩායමක් විසින් ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් ලැයිස්තුවක් පළමුව නම් කළ අතර, අවසන් 11 දෙනා නම් කෙරුණේ කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...