ස්කොට්ලන්ත හිටපු නායකයා ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ස්කොට්ලන්ත හිටපු නායක Kyle Coetzer ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

Northern Diamonds කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස වැඩ භාර ගනිමින් ඔහු මෙලෙස ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමටයි තීරණය කර ඇත්තේ.

38 හැවිරිදි Coetzer ගේ නායකත්වය යටතේ ස්කොට්ලන්තය 2018 වසරේ දී ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කිරීමට සමත් වූ අතර, 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ද සමත් වුණා.

2022 වසරේ මැයි මාසයේ දී යි ඔහු නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළේ.

Kyle Coetzer එක්දින තරග 89 ක්, 20යි 20 තරග 70 ක් ස්කොට්ලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර, එහිදී පිළිවෙලින් ඔහු ලකුණු 3,192 ක් හා 1,495 ක් රැස් කළා.

මේ අතර, නවසීලන්ත දග පන්දු යවන ක්‍රීඩක විල් සමර්විල් මෙවර දේශීය තරග වාරය අවසන් වීමත් සමග ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...