ඇෆ්ඝනිස්තානය හමුවේ ශ්‍රී ලංකාව පරදියි ; Watch : Match Highlights

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 62 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

අබුඩාබි හි Tolerance Oval ක්‍රීඩාංගනයේ ඊයේ (22) පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය පන්දුවාර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 298 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 40.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 236 ක් පමණයි.

දුවිදු රණතුංග ලකුණු 46 ක් ද, විශ්ව රාජපක්ෂ ලකුණු 45 ක් ද, සිනෙත් ජයවර්ධන ලකුණු 41 ක් ද, ලබා ගත්තා.

Yama Arab ලකුණු 41 කට කඩුලු 4 ක් හා Khalel Ahmad ලකුණු 55 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් Haroon Khan ලකුණු 88 (59) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී දුවිදු රණතුංග ලකුණු 51 කට කඩුලු 4 ක් බිද හෙලුවා. දිනුර කලුපහන ලකුණු 52 කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගාවලිය යටතේ පසුගියදා ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා.

මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගත් ඇෆ්ඝනිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේත්, බංග්ලාදේශය අවසන් ස්ථානයේත් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...