ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් ගැළවීමට තවත් ලකුණු 303 ක් පිටුපසින්

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (19) වෙලින්ටන් හි Basin Reserve ක්‍රීඩාංගනයේ දී නිමා වුණා. ඒ වන විට අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ද ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 113 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන කුසල් මෙන්ඩිස් ලකුණු 50 (පන්දු 100) ක් හා ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 40 කින් එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පළමු ඉනිමේ දී ද අර්ධ ශතකයක් වාර්තා කළ නායක දිමුත් කරුණාරත්න දෙවැනි ඉනිමේ දී ලකුණු 51 ක් ලබා සිටියදී දැවී ගියා. යළි අසාර්ථක වූ ඕෂද ප්‍රනාන්දු දෙවැනි ඉනිමේ දී රැස් කළේ ලකුණු 5 ක් පමණයි.

පන්දු යැවීමේ දී ටිම් සවුති හා ඩග් බ්‍රේස්වෙල් එක් කඩුල්ල බැගින් දවා ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා තවත් ලකුණු 303 ක් ලබා ගත යුතුයි.

තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 26 ක් ලබා සිටි අතර, ශ්‍රී ලංකා පිලේ සියලු දෙනා ලකුණු 164 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

අද දිනයේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 4කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් එක් ලකුණකටත් දැවී ගියා. දිනේෂ් චන්දිමාල් ලකුණු 37 ක් ලබා සිටියදී දැවී ගිය අතර, ධනංජය ද සිල්වාට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ. මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන නිශාන් මදුෂ්ක ලකුණු 19 යි.

හුදෙකලා සටනක නිරත වූ නායක දිමුත් කරුණාරත්න ලකුණු 89 ක් ලබා ගත්තා. පන්දු 188 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි හා මයිකල් බ්‍රේස්වෙල් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉනිමට වඩා පිටුපසින් රැදී සිටි ලකුණු සංඛ්‍යාව 416 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...