ස්ටක්ගේ කඩුලු 5 හා හෙඩ්-මාෂ් ප්‍රහාරය ඉන්දියාවට අන්ත පරාජයක් හිමි කරයි

Date:

කඩුලු 5 ක් දවා ගනිමින් මිචෙල් ස්ටක් දැක් වූ විශිෂ්ඨ පන්දු යැවීම හා ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන්ගේ සුපිරි ප්‍රහාරය හේතුවෙන් ඉන්දියාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(19) සමත් වුණා.

විසාකාපට්නම් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 26 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 117 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 11 ක් පමණක් අවසන්ව තිබූ පසුබිමකයි. ආරම්භක පිතිකරුවන් වූ ට්‍රැවිස් හෙඩ් පන්දු 30 කින් නොදැවී ලකුණු 51 ක් හා මිචෙල් මාෂ් පන්දු 36 කින් නොදැවී ලකුණු 66 ක් රැස් කරමින් සිය කණ්ඩායමට කඩුලු 10 ක අනර්ඝ ජයග්‍රහනයක් හිමි කර දුන්නා.

ට්‍රැවිස් හෙඩ්ගේ ඉනිමට හතරේ පහර 10 ඇතුළත් වූ අතර, මාෂ්ගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 6 බැගින් ඇතුළත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමේ දී ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් ලකුණු නොලබා සිටියදීත්, නායක රෝහිත් ෂර්මා ලකුණු 13 කටත්, සූර්යකුමාර් යාදව් පළමු පන්දුවෙන් ලකුණු නොලබා සිටියදීත්, කේ.එල් රාහුල් ලකුණු 9කටත්, ඉනිමේ අවසන් කඩුල්ල ලෙස මොහමඩ් සිරාජ් ලකුණු නොලබා සිටියදීත් දවා ගැනීමට මිචෙල් ස්ටක් සමත් වුණේ ඔහු යොමු කළ පන්දුවාර 8 තුළදී ලකුණු 53 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ විරාට් කෝලි ලකුණු 31 ක් ලබා ගත්තා. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 16 කට දැවී ගිය අතර, අක්සාර් පටෙල් නොදැවී ලකුණු 29යි.

පන්දු යැවීමේ දී ශෝන් ඇබෝට් කඩුලු 3 ක් හා නේදන් ඇලස් කඩුලු 2 ක් දවා ගැනීමට ද සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...