සනත්ගේ හා අෆ්රිඩිගේ සමාජයට ශකිබ් එක්වෙද්දී බංග්ලාදේශයට ලකුණු 183 ක දැවැන්ත ජයක්

Date:

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තවත් වාර්තාවක් පිහිටුවීමට බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් සමත් වුණා. ඒ, අයර්ලන්තය සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය අතරතුර දී යි.

සිල්හෙට් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8 ක් දැවී ලකුණු 338 ක් රැස් කළා. එය බංග්ලාදේශය එක්දින තරගයක රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. එහිදී ශකිබ් අල් හසාන් පන්දු 89 කින් ලකුණු 93 ක් රැස් කළා. ඒ, හතරේ පහර 9 ක් සමගින්.

එම ඉනිම අතරතුර දී ඔහු එක්දින ලකුණු 7,000 සීමාව පසු කළ අතර, ඒ අනුව ඔහු ඉතිහාසගත වුණේ එක්දින ලකුණු 7,000 ක් හා කඩුලු 300 ක් දවා ගත් ලොව තෙවැනි ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසයි.

මීට පෙර එම කඩඉමට ළගා වී තිබුණේ ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය (13430 runs, 323 wickets) හා පාකිස්තානයේ ශහිඩ් අෆ්රිඩි (8064 runs, 395 wickets) පමණයි.

බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කළ Towhid Hridoy ලකුණු 92 කට දැවී ගියා. එය ඔහුගේ මංගල එක්දින තරගය වීම ද විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී Graham Hume ලකුණු 60 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 30.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 155 ක් පමණයි.

George Dockrell ලකුණු 45 ක් හා Stephen Doheny ලකුණු 34 ක් රැස් කළා. පන්දු යැවීමේ දී එබඩොට් හොසේන් ලකුණු 42 කට කඩුලු 4 ක් බිද හෙලුවා. නසුම් අහ්මඩ් ලකුණු 43 කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

ඒ අනුව මෙම තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 183 ක දැවැන්ත ජයක් හිමි වුණා. එය බංග්ලාදේශය එක්දින තරගයක ලකුණු පරතරය අතින් ලැබූ දැවැන්තම ජයග්‍රහනයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...