තරංග-තිසර ප්‍රහාරය හා පන්දු යවන්නන්ගේ දක්ෂතා ආසියාව අවසන් තරගයට ගෙන යයි

Date:

උපුල් තරංග හා තිලකරත්න ඩිල්ෂාන්ගේ සාර්ථක ආරම්භයත්, තිසර පෙරේරාගේ වේගවත් ඉනිමත්, පන්දු යවන්නන්ගේ දක්ෂතාත් හේතුවෙන් Legends League Cricket Masters (LLC Masters) ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගයෙන් India Maharajas කණ්ඩායම ලකුණු 85 කින් පරාජයට පත් කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Asia Lions කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව හෙට (19) පැවැත්වෙන අවසන් මහා තරගයේ දී World Giants කණ්ඩායමට එරෙහිව Asia Lions කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

කටාර්හි දෝහා නුවර ඊයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Asia Lions කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 191 ක් ලබා ගත්තා.

උපුල් තරංග පන්දු 31 කින් ලකුණු 50 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 7 ක් සමගින්. තිලකරත්න ඩිල්ෂාන් පන්දු 26 කින් ලකුණු 27 ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට පන්දුවාර 8.5 ක් තුළ ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 83 ක්.

මොහමඩ් හෆීස් ලකුණු 38 යි. අස්ඝර් ඇෆ්ඝන් නොදැවී ලකුණු 34 ක් ලබා ගත්තා. තිසර පෙරේරා පන්දු 12 කින් හයේ පහර 3ක් සමගින් ලකුණු 24 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ස්ටුවර්ට් බිනී හා ප්‍රග්යාන් ඕජා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ India Maharajas කණ්ඩායමට පන්දුවාර 16.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණයි.

ගෞතම් ගම්භීර් ලකුණු 32 කට දැවී ගියා. පන්දු යැවීමේ දී සොහයිල් තන්වීර්, අබ්දුර් රසාක් හා මොහමඩ් හෆීස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...