අයහපත් කාළගුණයෙන් දැඩි බලපෑම් එල්ල වූ පළමු දිනයේ වැඩි ගෞරව නවසීලන්තයට

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද වෙලින්ටන් හි Basin Reserve ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 155 ක්.

කේන් විලියම්සන් නොදැවී ලකුණු 26 ක් හා හෙන්රි නිකල්ස් නොදැවී ලකුණු 18 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. නිකල්ස් ලකුණු 6 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක නිශාන් මදුෂ්ක අතින් ගිලිහී ගියා. මෙය මදුෂ්කගේ මංගල ටෙස්ට් තරගයයි.

නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 87 කට සීමා කරමින් ටොම් ලේතම් ලකුණු 21 කට දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණා.

අනතුරුව ඩෙවෝන් කොන්වේ ලකුණු 78 කට දැවී ගියේ ධනංජය ද සිල්වා යොමු කළ පන්දුවකට ඔහු අතටම පෙරළා උඩ පන්දුවක් ලබා දෙමින්. පන්දු 108 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත් වුණා.

අද පෙරවරුවේ සිට පැවැති වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් තරගය නියමිත වේලාවට (මෙරට වේලාවෙන් අලුයම 3:30 ට) ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. විනිසුරුවරුන් අවස්ථා කිහිපයකදී පිටිය පරීක්ෂා කිරීමෙන් පසුව තරගය මෙරට වේලාවෙන් පෙරවරු 6:40 ට ආරම්භ කිරීමටයි තීරණය කළේ.

අද දිනයේ දී පන්දුවාර 68 ක් ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබුණ ද, අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 48 ක් පමණයි.

මෙම තරගය සදහා කණ්ඩායම් දෙකෙන්ම එක් වෙනස්කම බැගින් සිදු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සදහා නිශාන් මදුෂ්ක කැදවා ඇත්තේ නිරෝෂන් දික්වැල්ල වෙනුවටයි. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 163 වැනි ක්‍රීඩකයායි.

ආබාධයකට ලක් වූ නෙයිල් වෑග්නර් වෙනුවට ඩග් බ්‍රේස්වෙල් අද ආරම්භ තරගය වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම සදහා ආදේශ කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...