NZ v SL : දෙවැනි දිනයේ ආරම්භක වේලාවේ වෙනසක් ; හෙට කාළගුණ අනාවැකිය මෙන්න

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද (17) වෙලින්ටන් හි Basin Reserve ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ දිනයේ වැඩි ගෞරව නවසීලන්තයට හිමි කරමින්.

අද පෙරවරුවේ සිට පැවැති වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් තරගය නියමිත වේලාවට එනම් මෙරට වේලාවෙන් අලුයම 3:30 ට ආරම්භ කිරීමට නොහැකි වූ අතර, විනිසුරුවරුන් අවස්ථා කිහිපයකදී පිටිය පරීක්ෂා කිරීමෙන් පසුව තරගය මෙරට වේලාවෙන් පෙරවරු 6:40 ට ආරම්භ කිරීමටයි තීරණය කළේ.

අද දිනයේ දී පන්දුවාර 68 ක් ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබුණ ද, අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 48 ක් පමණයි.

දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 155 ක්.

අද දිනයේ දී අඩු පන්දුවාර සංඛ්‍යාවක් යොමු කිරීම හේතුවෙන් හෙට දිනයේ දී තරගය නියමිත වේලාවට පෙර ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නවසීලන්ත වේලාවෙන් පෙරවරු 11:00 ට ආරම්භ වීමට නියමිතව තිබූ තරගය හෙට දිනයේ දී පෙරවරු 10.30 ටයි ආරම්භ වන්නේ. එනම් ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3:00 ට තරගය ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, හෙට දිනයේ දී ද වෙලින්ටන් ප්‍රදේශයට වර්ෂාව ඇති වීමේ සම්භාවිතාව 45% ක පමණ අගයක් ගනු ලබනවා.

ගිගිරුම් සහිත වැසි ඇති වීමේ සම්භාවිතාව 9% ක්. හෙට දිනයේ දී 19° ක පමණ උෂ්ණත්වයක් අපේක්ෂා කෙරෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...