අම්ලා – කලිස් ප්‍රහාරය ආසියාව පරදා ලෝක කණ්ඩායම අවසන් මහා තරගයට රැගෙන යයි

Date:

හෂිම් අම්ලා (ලකුණු 68 ක් පන්දු 59කින්) හා ජැක් කලිස් (ලකුණු 56* ක් පන්දු 43 කින්) වාර්තා කළ අර්ධ ශතක මෙන්ම ටීනෝ බෙස්ට් (ලකුණු 20 කට කඩුලු 3ක්) හා Chris Mpofu ගේ (ලකුණු 16 කට කඩුලු 3ක්) විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් මෙවර Legends League Cricket Masters (LLC Masters) තරගාවලියේ 6 වැනි තරගයෙන් Asia Lions කණ්ඩායම පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට World Giants කණ්ඩායම සමත් වුණා.

ඒ, මූලික වටයේ සියලු තරග අවසන් වන විට තරග 4කින් තරග 3ක් ජය ගනිමින් World Giants කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගනිමින්.

ඒ අනුව හෙට(18) පැවැත්වෙන Eliminator තරගයේ දී ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි කර ගත් India Maharajas කණ්ඩායමට එරෙහිව දෙවැනි ස්ථානය හිමි කර ගත් Asia Lions කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

කටාර්හි දෝහා නුවර පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Giants කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 150 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Asia Lions කණ්ඩායමට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 130 ක් පමණයි.

තිලකරත්න ඩිල්ෂාන් පන්දු 28 කින් ලකුණු 37 ක් රැස් කරමින් Lions කණ්ඩායමේ හඹා යාමට සාර්ථක ආරම්භයක් ලබා දුන් නමුත්, සෙසු පිතිකරුවන්ගෙන් ආසියානු ඉනිමට සැලකිය යුතු දායකත්වයක් හිමි වූයේ නැහැ. උපුල් තරංග ලකුණු 4කටත්, තිසර පෙරේරා ලකුණු 12 කටත් දැවී ගියා. මොහමඩ් හෆීස් ලකුණු 13 යි. නායක ශහිඩ් අෆ්රිඩි ලකුණු 26 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...