Watch : ධනංජයගේ විශිෂ්ඨ පන්දු රැකීම හමුවේ කොන්වේ දැවී ගිය හැටි

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට වෙලින්ටන් හී දී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 87 කට සීමා කරමින් ටොම් ලේතම් ලකුණු 21 කට දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණා.

අනතුරුව ඩෙවෝන් කොන්වේගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ ධනංජය ද සිල්වා විසින්. ඔහු විසින්ම රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙනුයි කොන්වේට යළි ක්‍රීඩාගාරය බලා පිටත්ව යාමට සිදු වුණේ. (දර්ශන පහතින්)

දැවී යන විට කොන්වේ ලකුණු 78 ක් ලබා සිටියේ හතරේ පහර 13 ක් ද සමගින්. ඔහුගේ කඩුල්ල දැවී ගියේ නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 118 ක් ලෙස සටහන්ව තිබියදීයි.

අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව නිශාන් මදුෂ්ක කණ්ඩායමට කැදවා ඇත්තේ නිරෝෂන් දික්වැල්ල වෙනුවටයි. මෙය නිශාන් මදුෂ්කගේ මංගල ටෙස්ට් තරගය වීම විශේෂත්වයක්.

ආබාධයකට ලක් වූ නෙයිල් වෑග්නර් වෙනුවට ඩග් බ්‍රේස්වෙල් අද තරගය වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම සදහා ආදේශ කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...