පවන්ගේ ශතකය දඹුල්ල ස්ථාවර කරයි

Date:

ජාතික සුපිරි ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ (National Super League 4-Day Tournament) දෙවැනි අවසන් පූර්ව තරගය ඊයේ(23) කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

දඹුල්ල කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ යාපනය පිල පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමු දිනය නිමා වන විට දඹුල්ල කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 289 ක්.

පවන් රත්නායක ලකුණු 117 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 12 ක් ද සමගින්. ගයාන් මනීෂාන් ලකුණු 51 යි. සිනෝජ් දර්ශික ලකුණු 47 කට දැවී ගිය අතර, අභිෂේක් ලියනආරච්චි ලබා ගත් ලකුණු ප්‍රමාණය 37 ක්.

නායක මිනෝද් භානුක එක් ලකුණකට දැවී ගියා. අශාන් ප්‍රියන්ජන් නොදැවී ලකුණු 30 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

Also Read : සොහාන්ගේ ශතකය හා පසිදුගේ 95* ගාල්ලට ප්‍රබල ආරම්භයක් ගෙනෙයි

පන්දු යැවීමේ දී ශශික දුල්ෂාන් ලකුණු 86 කට කඩුලු 3 ක් හා එෂාන් මාලිංග ලකුණු 43 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...