ඕස්ට්‍රේලියාව අඛණ්ඩව 7 වැනි වරටත් අවසන් මහා තරගයට

Date:

අඛණ්ඩව 7 වැනි වරටත් අයි.සී.සී කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අද(23) සමත් වුණා.

ඒ, මෙවර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව පරදා ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කරමින්.

කේප් ටවුන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 172 ක් ලබා ගත්තා.

බෙත් මූනි ලකුණු 54 ක් රැස් කළ අතර, මැග් ලෙනින් ලකුණු 49 කට දැවී ගියා. Ashleigh Gardner ලකුණු 31 යි.

පන්දු යැවීමේ දී Shikha Pandey ලකුණු 32 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167 ක් පමණයි.

නායිකා හර්මන්ප්‍රීට් කොවුර් ලකුණු 52(34) කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාම ඉන්දියාවේ පරාජයට දැඩිව බලපානු ලැබුවා. (දර්ශන කිහිපයක් පහතින් නරඹන්න)

Jemimah Rodrigues ලකුණු 43 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී Ashleigh Gardner හා Darcie Brown කඩුලු 2 බැගින් දවා ගත්තා.

මෙම තරගයේ දී ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම දුර්වල මට්ටමක පැවතීම ද තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...