Watch : කැඩ්මෝර් දැවී ගිය හසන් අලීගේ සුපිරි පන්දුව

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් පෙෂාවර් සල්මි කණ්ඩායමේ ටොම් කොහ්ල-කැඩ්මෝර්ගේ කඩුල්ල දවා ගැනීමට ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ හසන් අලී සමත් වුණා.

කරච්චි හී දී අද (23) රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ යුනයිටඩ් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පෙෂාවර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 156 ක් ලබා ගත්තා.

නායක බාබර් අසාම් ලකුණු 75 ක් ද, මොහමඩ් හැරිස් ලකුණු 40 ක් ද රැස් කළා. දසුන් ශානක ලකුණු 11 කට දැවී ගියේ ෆහීම් අශ්රෆ්ගේ පන්දුවක් හමුවේයි. පන්දු 10කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට එක් හතරේ පහරක් ඇතුළත්.

මෙම ඉනිමේ දී සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

ටොම් කොහ්ල-කැඩ්මෝර් ඉනිමේ 10 වැනි පන්දුවාරයේ දී දැවී යන විට ඔහු ලබා සිටියේ එක් ලකුණක් පමණයි.

හසන් අලී යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් කැඩ්මෝර් දැවී ගියා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...