සොහාන්ගේ ශතකය හා පසිදුගේ 95* ගාල්ලට ප්‍රබල ආරම්භයක් ගෙනෙයි

Date:

ජාතික සුපිරි ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ (National Super League 4-Day Tournament) අවසන් පූර්ව වටයේ තරග අද(23) ආරම්භ වුණා.

පළමු අවසන් පූර්ව තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන්නේ ගාල්ල කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායම තරගයේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, පළමු දිනය සදහා තරගය අත්හිටුවන විට ඔවුන් කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 356 ක්.

ආරම්භක පිතිකරු සොහාන් ද ලිවේරා ලකුණු 133 ක් රැස් කළේ හතරේ පහර 12 ක් ද සමගින්. සංගීත් කුරේ ලකුණු 27 කට දැවී ගියා. ලක්ෂාන් ඉදිරිසිංහ ලකුණු 49 යි.

පසිදු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 95 ක් ද, දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 31 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී අම්ශි ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය හා සචිත්‍ර පෙරේරා කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...