“ඔහු උර්දු දන්නවා. මම මොකුත් කියන්නේ නෑ” රිස්වාන් කඩුල්ල පිටුපස සිට කියූ දේ

Date:

පාකිස්තාන කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ප්‍රථම විස්සයි විස්ස තරගය පසුගිය 28 වන දා පැවති අතර වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය අතරමගදී අත්හැර දැමීමට සිදු වුණා.

මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේදී පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායක බබාර් අසාම් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළා.

16 වන පන්දුවාරය වන තෙක් තරගය නියමිත පරිදි පැවති අතර 17 වන පන්දුවාරය ආරම්භ කිරීමත් සමග වර්ෂාවෙන් එල්ල වූ බාධා වීමත් සමග තරගය අතරමැද නතර කිරීමටයි සිදු වුණේ.

ඒ මොහොතේදී කඩුලු 6 ක් බිඳ වැටී එංගලන්ත කණ්ඩායම රැස්කර තිබූ ලකුණු සංඛ්‍යාව 131 ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ 21 හැවිරදි එංගලන්ත ආරම්භක පිතිකරු ටොම් බැන්ටන් පන්දු 42 කදී වේගවත් ලකුණු 71 ක් රැස්කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිම හයේ පහරවල් 5 කින් හා හතරේ පහරවල් හතරකින් වර්ණවත් වී තිබුණා.

ඩේවිඩ් මලාන් ලකුණු 23 ක් රැස් කළා.

පන්දු යැවීමෙදී ශඩාබ් ඛාන් හා ඉමාඩ් වසීම් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

වර්ෂාව නොකඩවා ඇද හැලීමෙන් පසුව පිටියේ පැවති තෙතමනය නිසා තරගය අත්හැර දැමීමට විනිසුරුවන් තීරණය කළා.

ඒ අනුව පාකිස්තානයට පිතිකරණයේ නිරත වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

මෙම තරගයේ දී බොහෝ පාර්ශවයන්ගේ අවධානයට ලක්වූ සිදු වීමක් වූයේ පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් කඩුල්ල පිටුපස සිට කළ ප්‍රකාශයක් වෙතයි.

මොයීන් අලී පිතිකරණයේ නිරත වන අවස්ථාවකයි ඔහු එම ප්‍රකාශය සිදු කළේ.

එහිදී රිස්වාන් විසින් පන්දු යවමින් සිටි ශඩාබ් ඛාන්ට “ඔබම තීරණය කරන්න යැවිය යුත්තේ කුමන පන්දුවක් ද කියලා. මම මොකුත් කියන්නේ නැහැ. ඔහු (මොයීන් අලී) දන්නවා උර්දු” යනුවෙන් සදහන් කර සිටියා.

අනතුරුව යැවූ පළමු පන්දුවෙන්ම මොයීන් අලී දැවී ගියේ මොහොමඩ් රිස්වාන්ම අතට උඩපන්දුවක් ලබා දෙමින්.

දර්ශන පහතින් –


Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...