තවත් ක්‍රීඩකයෙකු ඇතුළු 13 දෙනෙකුට කොරෝනා

Date:

ලබන 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත අයි.පී.එල් තරගාවලියට සමගාමීව සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදී පුද්ගලයින් 13 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසනවා.

ඉන් දෙදෙනෙකු ක්‍රීඩකයින් බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කෙසේ වෙතත්, ඔවුන්ගේ නම් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ඉන්දීය කණ්ඩායම ද නියෝජනය කළ දකුණත් වේග පන්දු යවන්නෙකු සහ ඉන්දීය A කණ්ඩායම නියෝජනය කරන මුල් පෙල පිතිකරුවෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව සදහන්.

ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති දකුණත් වේග පන්දු යවන්නා වන්නේ චෙන්නායි කණ්ඩායමේ දීපක් චහාර්.

ඊයේ (28) දිනයේ දී වාර්තා පලව තිබුණේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු (දීපක් චහාර්) සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 9 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි.

වෛරසය ආසාදනය වූ සියලු දෙනා සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.

මේ අතර, පසුගිය 20 වනදා සිට 28 වනදා දක්වා කාලය තුළ දී PCR පරීක්ෂණ 1988 ක් සිදු කළ බව ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ක්‍රීඩකයින්, සහාය කාර්යය මණ්ඩලය, කණ්ඩායම් කළමණාකාරීත්වය, ඉන්දීය ක්‍රිකට් ආයතන බළධාරීන්, අයි.පී.එල් සංවිධායකයින් මෙන්ම ප්‍රවාහන පහසුකම් සලසන සියලු දෙනා මෙලෙස PCR පරීක්ෂණ සදහා යොමු කර ඇති අතර, අයි.පී.එල් තරගාවලිය නිමා වන තුරු අඛණ්ඩව PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

යම් අයෙකුට වෛරසය ආසාදනය වුවහොත් එම පුද්ගලයා සති දෙකක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බවත්, නැවත තරගාවලිය හා එක් වීමටනම් අදාළ පුද්ගලයාගේ ශරීරය තුළ වෛරසය නොමැති බවට වෛද්‍ය පරීක්ෂණ දෙකකින් තහවුරු විය යුතු බවත්, සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...