මාලිංගට පිට පිට පන්දු 5කින් කඩුලු 5ක් අහිමි වූ හැටි

Date:

ශ්‍රී ලංකාව අනුශූරයන් බවට පත්කරමින් නිමා වූ 2007 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් ක්‍රීඩකයෙකු බවට ලසිත් මාලිංග පත් වුණා.

ඒ, දකුණු අප්‍රිකාව සමගින් ක්‍රීඩා කළ තරගයේ දී පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් දවා ගනිමින් එවැනි දක්ෂතාවයක් දැක් වූ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වීමත් සමගයි.

එලෙස කඩුලු හතරක් ලබාගත් පන්දු හතරෙන් පසුව ලසිත් මාලිංග යොමු කළ අනෙක් පන්දු කිහිපය බොහෝ දෙනෙකුට මේ වන විට මතකයේ නැතුව ඇති.

සැබවින්ම  ඔහුට තවත් කඩුල්ලක් දවා ගැනීමට එදා හැකියාව ලැබුණේ නම් ක්‍රිකට් ඉතිහාසයේ පෙරලිකාරම තරග ජය බවට එම තරගය පත් වනු නිසැකය.

කෙසේ වෙතත්, තරගයේ ජය ශ්‍රී ලංකාවට අහිමි කරමින් මාලිංග පිට පිට පන්දු 5කින් කඩුලු 5ක් දවා ගැනීමේ අරමුණින් යැවූ පස් වන පන්දුව කඩුල්ලේ ගෑවී නොගෑවී යන අතර, අනතුරුව යැවූ තවත් පන්දුවක් ද කඩුල්ල අසලින්ම කඩුලු රකින්නා අතට ඇදී යන්නේ සියල්ලන් මවිතයට පත් කරවමින්.

ඊට අදාළ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...