කොරෝනා නිසා හෑල්ලුවට ලක් වූ ඉන්දීය වේග පන්දු යවන්නා

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දීපක් චහාර් ඇතුළු පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මේ වන තහවුරු වී තිබෙනවා.

ඒත් සමගම දීපක් චහාර් විසින් මීට පෙර ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයෙහි පල කළ ඡායාරූපයක් කෙරෙහි මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බව දක්නට ලැබෙනවා.

මෙම ඡායාරූපයේ ඔහු සමග චෙන්නායි කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් පිරිසක් ද සිටින අතර, එය පල කර ඇත්තේ අගෝස්තු 14 වනදායි.

දීපක් චහාර් සමාජ මාධ්‍යට නිකුත් කළ මෙම ඡායාරූපයට ප්‍රතිචාර (comment) දැක් වූ ඔහුගේ සහෝදරයා වන රාහුල් චහාර් සදහන් කර සිටියේ මුව ආවරණ සහ සමාජ දුරස්ථභාවය මෙම ඡායාරූපයේ දක්නට නොලැබෙන බවයි.

සියලු දෙනාට වෛරසය ආසාදනය වී නොමැති බවට වෛද්‍ය පරීක්ෂණ දෙකකින් සනාථ වී ඇති බවත්, මුව ආවරණ පවුලේ අය අතර නොපලදින බවත්  ඊට ප්‍රතිචාර දැක් වූ දීපක් චහාර් කියා සිටියා.

එම දිනවලදී මෙම ඡායාරූපයට අදාළ එම ප්‍රකාශවලට යහපත් ප්‍රතිචාර බොහෝ පාර්ශවයන්ගෙන් ලැබුණ ද දීපක් චහාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වීමත් සමග මේ වන විට දීපක් චහාර්ගේ අදාළ ප්‍රකාශය හාස්‍යයට කරුණක් ලෙස සැලකීමට බොහෝ දෙනෙකු කටයුතු කර ඇති බව දක්නට ලැබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...