පොලාඩ්ගේ හයේ වරුසාව නයිට් රයිඩර්ස් පිලට තියුණු ජයක් ගෙන එයි

Date:

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වන තරගයෙන් ජය වාර්තා කිරීමට ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු දෙකකින් පරාජයට පත් වූයේ බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායමයි.

ට්‍රිනිඩෑඩ්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බාබඩෝස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 148ක් ලබා ගත්තා.

ජොන්සන් චාර්ල්ස් ලකුණු 47ක් ලබා ගත් අතර, පන්දු යැවිමේ දී සිකන්ඩා රාසා, Akeal Hosein සහ Jayden Seales කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 8ක් දැවී සිටියදීයි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක කිරන් පොලාඩ් පන්දු 28කින් ලකුණු 72ක් ලබා ගත්තේ දැවැන්ත හයේ පහර 9ක් ද සිය ඉනිමට ඇතුළත් කරමින්.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් කඩුලු 2ක් බිද හෙලුවා.

අවසන් මොහොතේ දී කිරන් පොලාඩ් දුවද්දී දැවී යාමත් සමග ජයග්‍රහනයේ බලාපොරොත්තු නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් කෙමෙන් ගිලිහී ගියා.

කෙසේ වෙතත්, Khary Pierre අවසන් මොහොතේ හයේ පහරක් එල්ල කරමින් තරගයේ ජය තම කණ්ඩායමට සතු කර දීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...