ඉසිත, දුෂාන් හා නිපුන්ගේ දක්ෂතා ශ්‍රී ලංකා A කණ්ඩායමට තරගාවලියේ ජය හිමි කර දෙයි

Date:

ඉසිත විජේසුන්දර හා දුෂාන් හේමන්ත ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම මෙන්ම නිපුන් ධනංජයගේ නොදැවුණු ලකුණු 65 හමුවේ සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද(21) සමත් වුණා.

ඒ අනුව කණ්ඩායම් දෙක අතර පැවැති තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකා A කණ්ඩායමයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් පන්දුවාර 45 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 166 ක් පමණයි.

Jacob Bethell ලකුණු 50 ක් රැස් කළ අතර, Jordan Cox ලකුණු 31 කට දැවී ගියා. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් ඉසිත විජේසුන්දර ලකුණු 14 කට කඩුලු 3 ක් බිද හෙලූ අතර, දුෂාන් හේමන්ත ලකුණු 27 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 32.1 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නුවනිදු ප්‍රනාන්දු ලකුණු 10 කටත්, ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 18කටත්, ලහිරු උදාර ලකුණු 21 කටත්, නායක සධීර සමරවික්‍රම ලකුණු 23 කටත් දැවී ගියා.

නිපුන් ධනංජය නොදැවී ලකුණු 65 ක් රැස් කළේ පන්දු 76 ක් වැය කරමින්. හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 22 යි.

පන්දු යැවීමේ දී Mason Crane ලකුණු 41 කට කඩුලු 2ක් දවා ගත්තා.

තෙවැනි තරගයේ වීරයා ලෙස නිපුන් ධනංජය ද, තරගාවලියේ වීරයා ලෙස කඩුලු 11 ක් දවා ගත් දුෂාන් හේමන්ත ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...