ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට PSL තරගාවලියට අවසර හිමි වෙද්දී දෙදෙනෙකුට අවසර නැති වෙයි

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට මේ දිනවල පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 8 වැනි අදියර සදහා ඔහුව සිය කණ්ඩායමට තෝරා ගත්තේ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින්.

Platinum කාණ්ඩය යටතේ ඔහුව මිලදී ගෙන තිබූ අතර, වනිදු හසරංග ඊයේ(20) දිනයේ දී එම සංචිතය සමග එක්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වනිදු හසරංගට පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අවසර ලබා දී නොමැති බැවින් ඔහුට මෙවර තරගාවලිය අහිමි වනු ඇති.

ඔහු මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර ඇති ජාතික සුපිරි ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරමින් සිටිනවා.

මේ හේතුවෙන් හසරංග වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීම සදහා මේ වන විට ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ කලමනාකාරීත්වය කටයුතු කරමින් සිටිනවා.

මීට පෙර ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටි ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් සදහා ද පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සදහා එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර ලබා දී තිබුණේ නැහැ.

ඔහු වෙනුවට කොදෙව් පිතිකරු ෂේයි හෝප් එම කණ්ඩායමට ආදේශ කිරීමටයි පසුව පියවර ගැනුණේ.

කෙසේ වෙතත්, පෙෂාවර් සල්මි කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂට හා දසුන් ශානකට මෙන්ම ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන නුවන් තුෂාරට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවසර ලබා දී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...