වාර්තා රැසක් සමගින් එංගලන්තයට ලකුණු 114 ක දැවැන්ත ජයක්

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 114 ක වාර්තාගත ජයක් ලැබීමට එංගලන්ත කාන්තා කණ්ඩායම අද(21) සමත් වුණා.

එම ජයත් සමග එංගලන්තය දෙවැනි කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගත්තේ ක්‍රීඩා කළ තරග හතරම ජය ගනිමින්.

ඒ අනුව එංගලන්තය දෙවැනි අවසන් පූර්ව තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිත අතර, එළඹෙන 23 වැනිදා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාවයි.

අද රාත්‍රියේ පැවැත්වෙන දකුණු අප්‍රිකා – බංග්ලාදේශ තරගයෙන් දකුණු අප්‍රිකාව ජය ගතහොත් එංගලන්තයට එරෙහි අවසන් පූර්ව තරගය සදහා දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබන අතර, දකුණු අප්‍රිකා – බංග්ලාදේශ තරගයෙන් බංග්ලාදේශය ජය ගතහොත් නවසීලන්තය එම අවසන් පූර්ව තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

අද කේප් ටවුන් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 213 ක් රැස් කළා. එය කාන්තා 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. Nat Sciver-Brunt නොදැවී ලකුණු 81 ක් හා Danni Wyatt ලකුණු 59 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 99 ක් පමණයි.

ඒ අනුව එංගලන්ත කාන්තා කණ්ඩායම මෙම තරගයෙන් ලකුණු 114 ක ජයක් වාර්තා කළ අතර, එය කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී කණ්ඩායමක් ලකුණු පරතරය අතින් ලැබූ ඉහළම ජයග්‍රහනය ද වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...