Watch : විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ඉසිත විජේසුන්දර දවා ගත් කඩුලු 3

Date:

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග අද (21) පෙරවරුවේ ආරම්භ වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඉසිත විජේසුන්දර විශිෂ්ඨ පන්දු යැවීමක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් පන්දුවාර 45 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 166 ක් පමණයි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් ඉසිත විජේසුන්දර ලකුණු 14 කට කඩුලු 3 ක් බිද හෙලුවේ පන්දුවාර 7 ක් පමණක් යොමු කරමින්. එක් නිලකුණු පන්දුවාරයක් ද ඔහුගේ පන්දුවාර 7ට ඇතුළත් වුණා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ Jack Haynes, Tom Lammonby හා Brydon Carse යන පිතිකරුවන්.

Tom Lammonby හා Brydon Carse ගේ කඩුලු පිට පිට පන්දු දෙකකදී දවා ගැනීමට ඉසිත විජේසුන්දර සමත් වීම ද කැපී පෙනුණා.

Carse ගේ කඩුල්ල දවා ගැනීම සදහා පිතිකරුවා තුළට දෝලනය කරමින් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමින් ඔහු දවා ගත් කඩුල්ල බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට ද සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...