RCB නායකත්වය ස්ම්රිති මන්දනාට

Date:

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියට එක්වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකත්වය ඉන්දීය ක්‍රීඩිකා ස්ම්රිති මන්දනාට හිමිව තිබෙනවා.

එම කණ්ඩායමේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් බැංගලෝර් කණ්ඩායමේ හිටපු නායක විරාට් කෝලි හා වත්මන් නායක ෆෆ් ඩු ප්ලෙසිස් මේ බව නිවේදනය කළා.

තරගාවලියට ක්‍රීඩිකාවන් මිලදී ගැනීම සදහා පසුගිය 13 වැනිදා මුම්බායි හී දී පැවැති වෙන්දේසියේ දී ඇයව මිලදී ගැනීමට බැංගලෝර් කණ්ඩායම කටයුතු කළේ ඉන්දීය රුපියල් කෝටි 3.4 ක ලංසු මුදලකටයි.

එය වෙන්දේසියේ දී ක්‍රීඩිකාවකට හිමි වූ ඉහළම ලංසු මුදල වීම ද විශේෂත්වයක්.

RCB කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු ජාතික Ben Sawyer පසුගියදා පත් කෙරුණා.

කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස Malolan Rangarajan ද, පන්දු රැකීමේ පුහුණුකාරිණිය ලෙස VR Vanitha ද පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

WPL තරගාවලිය මාර්තු 4 වැනිදා මුම්බායි හී දී ආරම්භ වන අතර, මාර්තු 26 වැනිදා දක්වා කණ්ඩායම් පහකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...