නවසීලන්තයට ලකුණු 267 ක දරුණු පරාජයක්

Date:

නවසීලන්ත කණ්ඩායම සමග Mount Maunganui හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 267 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද(19) සමත් වුණා.

තරගයේ සිව්වැනි දිනය අද ආරම්භ කරන විට ලකුණු 394 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්තය දෙවැනි ඉනිමේ දී කඩුලු 5 ක් දැවී ලකුණු 63 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.

ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 57 ක්, මයිකල් බේස්වෙල් ලකුණු 25 ක් හා ටොම් ලේතම් ලකුණු 15 ක් රැස් කළ නමුත්, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 18 කට කඩුලු 4 ක් හා ස්ටුවට් බ්‍රෝඩ් ලකුණු 49 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 325 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 306 ක් රැස් කළා.

අනතුරුව එංගලන්තය සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 374 ක්.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 24 වැනිදා වෙලින්ටන් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...