ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට ; තීරණාත්මක ශ්‍රී ලංකා – නවසීලන්ත තරගය අද

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකාව පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

Gqeberha පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6 ක් දැවී ලකුණු 124 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ඉනිම නිමා වීමට පන්දු 21 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Tahlia McGrath පන්දු 33 කින් ලකුණු 57 ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළා.

මේ වන විට ඔස්ට්‍රේලියාව මූලික වටයේ දී ක්‍රීඩා කළ තරග හතරම ජය ගනිමින් පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 8 ක් හිමි කර ගනිමින්.

තරග 3කින් තරග 2ක් ජය ගනිමින් ශ්‍රී ලංකාව එහි දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර, තරග 3කින් එක් තරගයක් ජය ගෙන ඇති දකුණු අප්‍රිකාව තෙවැනි ස්ථානයේ පසුවනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු රදවා ගැනීමටනම් මීළග තරගයෙන් ඔවුන් බංග්ලාදේශය පරාජයට පත් කළ යුතු අතර, නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වීම ද සිදු විය යුතුයි.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරගය මෙරට වේලාවෙන් අද (19) රාත්‍රී 10.30 ට Paarl හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...