ඉන්දියාවට ලකුණු 11ක තියුණු පරාජයක්

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයෙන් එංගලන්තය හමුවේ ලකුණු 11 ක පරාජයක් අත්විදීමට ඉන්දීය කාන්තා කණ්ඩායමට අද(18) සිදු වුණා.

Gqeberha හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 152 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට පන්දුවාර 20 අවසන් කිරීමට සිදු වූයේ කඩුලු 5 ක් දැවී ලකුණු 140 ක් ලබා ගනිමින්.

ස්ම්රිති මන්දනා පන්දු 41 කින් ලකුණු 52 ක් රැස් කළා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 7 ක් සමගින්. රිචා ගෝෂ් පන්දු 34 ක් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 47 ක්. හයේ පහර 2ක් හා හතරේ පහර 4 ක් ඇයගේ ඉනිමට ඇතුළත්. තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉන්දියාව ලකුණු 19 ක් වාර්තා කිරීමට සමත් වූ නමුත්, තරගයේ ජයග්‍රහනය සදහා එය ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී Sarah Glenn ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 151 ක් රැස් කළේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

Nat Sciver-Brunt ලකුණු 50 (42) ක් ලබා ගත් අතර, Amy Jones ලකුණු 40(27) යි. Jones ගේ ඉනිම හයේ පහර 2කින් හා හතරේ පහර 3කින් ශක්තිමත් වුණා.

පන්දු යැවීමේ දී රෙනුකා සිං ලකුණු 15 කට කඩුලු 5 ක් දවා ගැනීම කැපී පෙනුණා.

මේ වන විට දෙවැනි කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට එංගලන්තය සමත්ව සිටින්නේ ක්‍රීඩා කළ තරග තුනම ජය ගනිමින්.

තරග තුනෙන් තරග 2ක් ජය ගත් ඉන්දියාව එහි දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...