පාකිස්තානය පරදා ඉන්දීය ක්‍රීඩිකාවන්ට කඩුලු 7 ක ජයක්

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 2023 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද(12) සමත් වුණා.

කේප් ටවුන් හී දී පැවැති තරගය ජය ගැනීම සදහා පාකිස්තානයෙන් ලද ලකුණු 150 ක ඉලක්කය හඹා ගිය ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

Jemimah Rodrigues පන්දු 38 කින් නොදැවී ලකුණු 53 ක් රැස් කළා. Shafali Verma ලකුණු 33 ක් හා Richa Ghosh නොදැවී ලකුණු 31 ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Nashra Sandhu ලකුණු 15 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 149 ක් ලබා ගත්තේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

නායිකා Bismah Maroof නොදැවී ලකුණු 68 ක් රැස් කළේ පන්දු 55 කින්. Ayesha Naseem නොදැවී ලකුණු 43(25) යි.

පන්දු යැවීමේ දී Radha Yadav ලකුණු 21 කට කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...