වනිදුගේ සටන අපතේ යයි ; ILT20 ශූරතාවය ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමට

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ජාත්‍යන්තර ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම අද(12) සමත් වුණා.

ඒ, ඩුබායි හී දී පැවැති අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාවේ වනිදු හසරංග ක්‍රීඩා කළ ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කරමින්.

තරගය ජය ගැනීම සදහා ලකුණු 147 ක ඉලක්කයක් හඹා ගිය ගල්ෆ් කණ්ඩායම පන්දුවාර 18.4 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ක්‍රිස් ලින් නොදැවී ලකුණු 72 ක් ලබා ගත්තේ පන්දු 50 කින්. ඒ, හයේ පහරක් හා හතරේ පහර 9 ක් සමගින්. ජෙරාඩ් එරාස්මස් ලකුණු 30 ක් හා ශිම්රන් හෙට්මයර් පන්දු 13 කින් නොදැවී ලකුණු 25 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 28 කට කඩුල්ලක් දවා ගත් අතර, ටොම් කරන් හා ලුක් වුඩ් අතරේ ද කඩුල්ල බැගින් බෙදී ගියා.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ජයන්ට්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි වයිපර්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 146 ක් ලබා ගනිමින්.

ඩෙසර්ට් වයිපර්ස් ඉනිමේ කඩුලු 4 ක් ලකුණු 44 ක් තුළ බිද වැටුණේ පන්දුවාර 8.3 ක් තුළදීයි.

අනතුරුව සෑම් බිලින්ග්ස් සමග පිටියේ එක් වූ වනිදු හසරංග 5 වැනි කඩුල්ල සදහා පන්දු 37 කින් ලකුණු 72 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

බිලින්ග්ස් පන්දු 29 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 31ක්. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ හසරංග පන්දු 21 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළා. ඔහු දැවී ගියේ පන්දු 27 කින් ලකුණු 55 ක් ලබා සිටියදීයි. වනිදු හසරංගගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 6 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී කාර්ලස් බ්‍රැත්වෙයිට් කඩුලු 3 ක් ද, කායිස් අහ්මඩ් කඩුලු 2 ක් ද දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...