සිම්බාබ්වේ පිතිකරු ගැරී බැලන්ස්ට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද (12) බුලවායෝ හී දී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඔහු දැඩි හිසරදයකින් පසුවන බැවින් මෙලෙස දෙවැනි ටෙස්ට් තරගය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි සිම්බාබ්වේ ක්රිකට් ආයතනය නිවේදනය කළේ.
ඔහු දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ශතකයක් ද වාර්තා කිරීමට සමත් වූ අතර, පසුගිය දින කිහිපයේ දී ම ගැරී බැලන්ස් අසනීප තත්ත්වයෙන් පසු වූ බව සදහන්.
දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
සිම්බාබ්වේ කන්ඩායම සදහා මෙම තරගයේ දී වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා. ඒ අනුව Milton Shumba, Tanaka Chivanga හා Donald Tiripano කණ්ඩායමට කැදවා ඇත්තේ Gary Ballance, Richard Ngarava හා Brad Evans වෙනුවටයි.
කොදෙව්වන් සදහා මෙම තරගයේ දී එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව Shannon Gabriel කණ්ඩායමට කැදවා ඇත්තේ Kemar Roach වෙනුවටයි.

