මදුෂ්ක හා මිලාන් නවසීලන්තයට එරෙහිව කැදවයි ; පැතුම්ට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

Date:

එළඹෙන නවසීලන්ත තරග සංචාරයේ ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර ඇති බව වාර්තා වනවා.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ සංචිතය සදහා මෑත කාලයේ දී දේශීය තරග පිටියේ දී පිත්තෙන් සුවිශේෂී දක්ෂතා දක්වමින් සිටින නිශාන් මදුෂ්ක මෙන්ම දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක නම් කර ඇති බවයි.

23 හැවිරිදි මදුෂ්ක පසුගියදා එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග නිමා වූ තරග දෙකකින් යුත් නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ද්විත්ව ශතකයක් හා ශතකයක් සමගින් ලකුණු 364 ක් රැස් කිරීමට සමත් වුණා.

එම තරගාවලියේ පළමු තරගයේ දී මිලාන් රත්නායක විසින් කඩුලු 4 ක් දවා ගත්තා.

රත්නායකට අමතරව වේග පන්දු යවන්නන් ලෙස කසුන් රාජිත, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ද ටෙස්ට් සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සිදු කෙරුණු වළලුකර ශල්‍යකර්මය හේතුවෙන් මෙතෙක් ටෙස්ට් තරග ක්‍රීඩා කිරීම සදහා සුදුසු යෝග්‍යතා මට්ටමක පසුනොවන දුෂ්මන්ත චමීර හා ආබාධයක් හේතුවෙන් ඩිල්ෂාන් මදුෂංක නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියට නම් කර නැහැ.

මේ අතර, ආබාධයකට ලක් වීම හේතුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ද නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවැති නිල නොවන ටෙස්ට් තරගාවලියේ දී පන්දු යැවීමෙන් සිය සුපුරුදු දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අපොහොසත් වූ බැවින් ප්‍රවීන් ජයවික්‍රම හා ලසිත් ඇඹුල්දෙණිය යන දග පන්දු යවන්නන් දෙදෙනා අතරින් එක් අයෙකුට පමණක් නවසීලන්ත සංචාරය සදහා අවස්ථාව හිමි වනු ඇති බව ද සදහන්.

ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් නවසීලන්ත සංචාරයට පෙර එළඹෙන සතියේ දී රදැල්ල වෙත පිටත්ව යාමට නියමිතව ඇත්තේ සතියක පුහුණු කදවුරක් සදහායි.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු 9 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිතයි.

ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු 4 හා 5 වැනිදා දෙදින පුහුණු තරගයකට ද ක්‍රයිස්චර්ච් හී දී ම ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ටෙස්ට් තරගාවලියෙන් පසුව දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

නම් කර ඇති බවට වාර්තා වන ටෙස්ට් සංචිතය :

Dimuth Karunaratne (C‍), Oshada Fernando, Kusal Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Dinesh Chandimal, Kamindu Mendis, Niroshan Dickwella (wk), Nishan Madushka, Ramesh Mendis, Prabath Jayasuriya, Chamika Karunaratne, Kasun Rajitha, Lahiru Kumara, Asitha Fernando, Vishwa Fernando, Milan Ratnayake, Praveen Jayawickrema/Lasith Embuldeniya

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...