ශ්‍රී ලංකාව අද යළි තරග බිමට ; ස්ම්රිති මන්දනාට අද තරගය අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 2023 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ තවත් තරග 2ක් අද(12) පැවැත්වීමට නියමිතයි.

දිනයේ පළමු තරගය හෙවත් මෙවර තරගාවලියේ සිව්වැනි තරගය පැවැත්වෙන්නේ ඉන්දියාව හා පාකිස්තානය අතරයි.

එම තරගය මෙරට වේලාවෙන් පස්රු 6.30ට කේප් ටවුන් හි Newlands ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඇගිල්ලක ආබාධයකට ලක් වීම හේතුවෙන් ඉන්දීය පිතිකාරිණියක වන ස්ම්රිති මන්දනාට මෙම තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දිනයේ දෙවැනි තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 10.30 ට කේප් ටවුන් හි Newlands ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...