ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට ලකුණු 97 ක දැවැන්ත ජයක්

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ලකුණු 97 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.

Paarl හී දී පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ නවසීලන්ත කාන්තා කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 9 ක් දැවී ලකුණු 173 ක් රැස් කළා. Alyssa Healy ලකුණු 55 ක් රැස් කළ අතර, Meg Lanning ලකුණු 41 කට දැවී ගියා. Ellyse Perry ලකුණු 40යි.

පන්දු යැවීමේ දී Lea Tahuhu හා Amelia Kerr කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 14 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 76 ක් පමණයි.

Amelia Kerr ලකුණු 21 ක් හා Bernadine Bezuidenhout ලකුණු 14 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Ashleigh Gardner ලකුණු 12 කට බිද හෙලූ කඩුලු ගණන 5ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...