රෝහිට්ගේ 56* හා ජඩේජාගේ කඩුලු 5 හමුවේ පළමු දිනයේ සියලු ගෞරව ඉන්දියාවට

Date:

රවීන්ද්‍ර ජඩේජාගේ සුපිරි පන්දු යැවීම හා ඉන්දීය ආරම්භක පිතිකරුවන්ගේ ලකුණු 76 ක සම්බන්ධතාවය හමුවේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද (9) නිමා වුණේ දිනයේ සියලු ගෞරව ඉන්දියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 77 ක්. රෝහිට් ෂර්මා නොදැවී ලකුණු 56 (69) ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස කේ එල් රාහුල් ලකුණු 20(71) ක් ලබා සිටියදී දැවී ගියේ Todd Murphy ගේ මංගල ටෙස්ට් කඩුල්ල බවට පත් වෙමින්. දිනය අවසන් වීමට පන්දුවාර 1.1 ක් පමණක් ඉතිරිව තිබියදීයි ඔහු දැවී ගියේ. අනතුරුව පිටියට පිවිසි ආර්. අශ්වින් තවමත් ලකුණු රැස් කිරීම ආරම්භ කර නැහැ.

නාග්පූර් හි විදර්භා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 177 ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් වූ උස්මාන් කවාජා හා ඩේවිඩ් වෝනර් එක් ලකුණ බැගින් ලබා සිටියදී දැවී ගියා.

අනතුරුව මර්නස් ලබුෂේන් හා ස්ටීවන් ස්මිත් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 82 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. ලබුෂේන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 49 ක්. රවීන්ද්‍ර ජඩේජාගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසු වීමෙනුයි ඔහු දැවී ගියේ. අනතුරුව යොමු කෙරුණු පළමු පන්දුවෙන්ම ජඩේජා විසින් මැට් රේන්ෂෝගේ කඩුල්ල ද දවා ගැනීම කැපී පෙනුණා. ස්ටීවන් ස්මිත් ලබා ගත්තේ ලකුණු 37 ක් පමණයි. ජඩේජා යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ස්මිත් දැවී ගියා.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 109 දී බිද වැටුණු අතර, අනතුරුව ඇලෙක්ස් කෙරී හා පීටර් හැන්ඩ්ස්කොම්බ් ලකුණු 53 ක සබදතාවයක් 6 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුවා.

ඇලෙක්ස් කෙරී ලකුණු 36 කට දැවී ගිය අතර, පීටර් හැන්ඩ්ස්කොම්බ් ලකුණු 31 යි.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 47 කට කඩුලු 5 ක් දවා ගැනීම කැපී පෙනුණා. රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 42 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 100 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...