Watch : වෝනර්ගේ පිට ඉන්න ගැලවූ ෂාමිගේ සුපිරි පන්දුව මෙන්න

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(9) නාග්පූර් හි විදර්භා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඔවුන්ගේ පළමු කඩුලු 2 ලකුණු දෙකක්ව තිබියදී දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

උස්මාන් කවාජා එක් ලකුණකට දැවී ගියේ මොහමඩ් සිරාජ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්.

අනතුරුව ඩේවිඩ් වෝනර් ද එක් ලකුණකට දැවී ගියා. ඒ, මොහමඩ් ෂාමිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. (පළමු කඩුලු දෙකේ දර්ශන පහතින්)

මෙම තරගයේ දී ඉන්දියාව වෙනුවෙන් කේ එස් භාරත් හා සූර්යකුමාර් යාදව් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

එමෙන්ම ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ද 22 හැවිරිදි Todd Murphy අද තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...