Watch : ස්මිත් දවා ගැනීමට ජඩේජා යැවූ සුපිරි පන්දුව

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මේ වන විට නාග්පූර් හි විදර්භා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 109 ක් තුළ දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

උස්මාන් කවාජා හා ඩේවිඩ් වෝනර් එක් ලකුණ බැගින් ලබා සිටියදී දැවී ගියා.

අනතුරුව මර්නස් ලබුෂේන් හා ස්ටීවන් ස්මිත් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 82 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

ලබුෂේන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 49 ක්. රවීන්ද්‍ර ජඩේජාගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසු වීමෙනුයි ඔහු දැවී ගියේ.

අනතුරුව යොමු කෙරුණු පළමු පන්දුවෙන්ම ජඩේජා විසින් මැට් රේන්ෂෝගේ කඩුල්ල ද දවා ගැනීම කැපී පෙනුණා.

ස්ටීවන් ස්මිත් ලබා ගත්තේ ලකුණු 37 ක් පමණයි. ජඩේජා යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ස්මිත් දැවී ගියා.(දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...