Watch : ගල්ෆ් ඉනිම වැනසූ වනිදුගේ සුපිරි කඩුලු 3

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ලීග් (International League T20) ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයේ දී (Qualifier 1) තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දක්ෂතා දැක් වීමට ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ වනිදු හසරංග ඊයේ (8) රාත්‍රියේ සමත් වුණා.

ඩුබායි ක්‍රීඩාංගනයේ දී පැවැති මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් වයිපර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 178 ක් රැස් කළා.

ආබාධයක් සහිතව පන්දුවට පහරදුන් ශෙර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 19 කින් වේගවත් ලකුණු 37 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහරක් සමගින්.

වනිදු හසරංග හා සෑම් බිලින්ග්ස් ලකුණු 31 බැගින් ලබා ගත්තා. පන්දු 20 කින් වාර්තා වූ වනිදුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 4 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 40 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ගල්ෆ් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී වනිදු හසරංග සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 36 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා. (දර්ශන පහතින්)

ඔහු සිය පළමු පන්දුවාර දෙක තුළදී ලකුණු 3ක් පමණක් ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගත් නමුත්, තෙවැනි පන්දුවාරයේ දී ප්‍රතිවාදී පිතිකරුවන් හයේ පහර 3ක් සමගින් ලකුණු 20 ක් ලබා ගැනීමට සමත් වුණා. සිව්වැනි පන්දුවාරයේ දී ඔහුට එරෙහිව වාර්තා වූ ලකුණු සංඛ්‍යාව 13 ක්.

වනිදුගේ පන්දු හමුවේ දැවී ගියේ ක්‍රිස් ලින්, කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් හා ඩේවිඩ් වීසා.

මෙම තරගයෙන් ලකුණු 19ක ජයක් වාර්තා කළ වයිපර්ස් කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තා.

https://twitter.com/cricday96/status/1623384688340631553?t=ztx_dxRJjQs-MlNkPKcYAg&s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...