ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙවැනි පුහුණු තරගය පරදියි

Date:

අයි.සී.සී කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද(8) ක්‍රීඩා කළ පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 4 කින් පරාජයට පත් වුණා.

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 107 ක් රැස් කළා.

නිලක්ෂි ද සිල්වා ලකුණු 29 ක් රැස් කළ අතර, හර්ෂිතා සමරවික්‍රම හා කවීෂා දිල්හාරි ලකුණු 16 බැගින් ලබා සිටියදී දැවී ගියා.

Hayley Matthews ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Karishma Ramharack ලකුණු 13 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩිකාවන් ලකුණු 108 ක ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී සිටියදීයි.(111/6)

නායිකා Hayley Matthews ලකුණු 50 ක් රැස් කළේ පන්දු 48 කින්.

පන්දු යැවීමේ දී මල්ෂා ශෙහානි, ඉනෝකා රණවීර හා කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් බිද හෙලුවා.

ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි පුහුණු තරගය මෙය වන අතර, පළමු පුහුණු තරගයෙන් ඔවුන් අයර්ලන්තයට එරෙහිව ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...