ලයන්ස් කණ්ඩායම ලකුණු 98 ක් පිටුපසින්

Date:

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (8) ගාල්ල ක්‍රීඩාංගනයේ දී නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 234 ක්. ඇලෙක්ස් ලීස් නොදැවී ලකුණු 75 ක් ද, ජෙමී ස්මිත් නොදැවී ලකුණු 86 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ජොෂ් බොහනන් ලකුණු 54 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු ලකුණු 44 කට කඩුලු 2 ක් දවා ගත් අතර, චාමික කරුණාරත්න ලකුණු 42 කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ‘A’ නායක නිපුන් ධනංජය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, අද දිනයට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 190 ක්. ඔවුන් සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 332 ක් රැස් කළා.

ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 128 ක් ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 16 ක් සමගින්. නිපුන් ධනංජය ලකුණු 61 කට දැවී ගියා.ලක්ෂිත මනසිංහ ලකුණු 43 ක් ද, ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 42 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Josh Tongue ලකුණු 76 කට කඩුලු 5 ක් බිද හෙලුවා.

මේ වන විට එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 98 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...