ශ්‍රී ලංකා හා බංග්ලාදේශ සංචාරවලින් ජොෂ් ලිට්ල් ඉවත් වෙයි

Date:

අයර්ලන්ත කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ හා ශ්‍රී ලංකා තරග සංචාර සදහා එක්වීමේ අවස්ථාව අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ලිට්ල්ට අහිමි වී තිබෙනවා.

ඒ, 20යි 20 ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට ඔහු ගෙන ඇති තීරණය හේතුවෙන්.

කෙසේ වෙතත්, මැයි මාසයේ දී අයර්ලන්තයේ සත්කාරකත්වයෙන් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් එක්දින තරගාවලිය සදහා ජොෂ් ලිට්ල් ක්‍රීඩා කරනු ඇති බවට අයර්ලන්ත නායක ඇන්ඩෘ බල්බර්නි අපේක්ෂාවෙන් පසුවනවා.

ලිට්ල් මේ දිනවලදී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 තරගාවලියේ දී ප්‍රෙටෝරියා කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරන අතර, එළඹෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී ඔහු මුල්තාන් සුල්තාන් කණ්ඩායම සදහාත්, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සදහාත් ක්‍රීඩා කිරීමට නියමිතයි.

අයර්ලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ දී දෙරට අතර මාර්තු 18 වැනිදා සිට එක්දින තරග 3ක්, 20යි 20 තරග 3ක් හා ටෙස්ට් තරගයක් පැැත්වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව අයර්ලන්ත කණ්ඩායම අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා සංචාරයක නිරත වන්නේ ටෙස්ට් තරගයක් හා එක්දින තරග 2ක් ක්‍රීඩා කිරීම සදහායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...