ආසියානු ක්‍රිකට් කවුන්සලය රටවල් අතර මුදල් බෙදා හැරීමේ ක්‍රමවේදය වෙනස් කරයි

Date:

ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් සිය මුදල් බෙදාහැරීමේ ආකෘතිය සංශෝදනයකට ලක් කර තිබෙනවා.

ඒ අනුව ආසියානු කුසලාන තරගාවලියෙන් ලබන ආදායමෙන් ඇෆ්ඝනිස්තානයට ලබා දෙන මූල්‍ය කොටස ඉහළ නැංවීමටයි තීරණය කර ඇත්තේ.

ඇෆ්ඝනිස්තානය 2017 වසරේ දී අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය ලබා ගත්ත ද, 2018 හා 2022 වසරවලදී ඔවුන්ට එම ආදායමෙන් හිමි වූයේ අඩු කොටසක්.

සෙසු අයි.සී.සී පූර්ණ සාමාජික ආසියානු රටවල් අතරේ ආදායම් කොටස් සමානව බෙදී ගියා.

කෙසේ වෙතත්, සංශෝදිත නව ආකෘතියට අනුව සියලු ආසියානු ටෙස්ට් රටවල් අතරේ ආදායම සමානව බෙදී යාමට නියමිතයි.

ඒ අනුව ඇෆ්ඝනිස්තානයට ආසියානු ක්‍රිකට් කවුන්සලයෙන් හිමිවන ආදායම් කොටස 6% සිට 15% දක්වා ඉහළ යනු ඇති.

ඇෆ්ඝනිස්තානයේ ආදායම් කොටස ඉහළ නැංවීම හේතුවෙන් සෙසු ටෙස්ට් රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශයට ඉදිරියේ දී හිමි වීමට නියමිතව ඇත්තේ මීට පෙර හිමි වූ මූල්‍ය කොටසට වඩා අඩු මුදලක්.

ඒ අනුව ඉදිරියේ දී ටෙස්ට් රටවල් 5 සදහා 15% බැගින් සමාන ආදායම් කොටසක් හිමි වීමට නියමිත අතර, ඉතිරි මූල්‍ය කොටස අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය නොමැති ආසියානු රටවල් අතර බෙදා හරිනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...