ෆින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ඔස්ට්‍රේලියානු 20යි 20 කණ්ඩායමේ නායක ආරෝන් ෆින්ච් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියද මෙම තීරණයත් සමග අවසන් වනවා.

36 හැවිරිදි ඔහු එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී යි.

ජාත්‍යන්තර තරග 254 ක් ක්‍රීඩා කර ඇති ෆින්ච් එහිදී ලකුණු 8,804 ක් රැස් කළ අතර, ඊට ශතක 19 ක් හා අර්ධ ශතක 51 ක් ඇතුළත්.

2021 පන්දුවාර 20යි 20 ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා වූ ආරෝන් ෆින්ච් සිය කණ්ඩායම 20යි 20 පිටියේ දී මෙහෙයවූ තරග ගණන 76 ක්.

20යි 20 ජාත්‍යන්තර පිටියේ දී ෆින්ච් ලකුණු 3,120 ක් ලබා ගත් අතර, එය ඔස්ට්‍රේලියාව වෙනුවෙන් 20යි 20 ජාත්‍යන්තර පිටියේ දී පිතිකරුවෙකු ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

20යි 20 ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවට ද හිමිකම් කියන්නේ ආරෝන් ෆින්ච්. ඔහු 2018 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු 76 කින් ලකුණු 172 ක් රැස් කරමින් එම ලෝක වාර්තාව පිහිටුවනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...