අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්

Date:

අයි.සී.සී කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග යටතේ අයර්ලන්තය සමග අද(6) පැවැති තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

දකුණු අප්‍රිකාවේ Stellenbosch හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 149 ක් ලබා ගත්තා.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 56 රැස් කළේ පන්දු 46 කින්. ඇයගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත්.

විශ්මි ගුණරත්න ලකුණු 36 ක් ද, චමරි අතපත්තු ලකුණු 27 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී Laura Delany ලකුණු 20 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 147 ක් පමණයි.

Gaby Lewis ලකුණු 38 ක් හා Arlene Kelly ලකුණු 30 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඕෂදී රණසිංහ ලකුණු 22 කට කඩුලු 3 ක් හා ඉනෝකා රණවීර ලකුණු 26 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...