හේසල්වුඩ්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත තරග 4 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කිරිමේ අවස්ථාව අහිමි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ වම් පාදයේ ආබාධය මෙතෙක් සුව වී නොමැති බැවින් ඔහුට මෙලෙස නාග්පූර්හී දී ලබන 9 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය අහිමි වීමට ඉඩ ඇති අතර, දිල්ලි හී දී පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සදහා ද හේසල්වුඩ්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවට ස්කොට් බෝලන්ඩ් කණ්ඩායමට නම් කිරීමට ඉඩ පවතින බව සදහන්. එසේ වුවහොත් එය බෝලන්ඩ් සිය රටෙන් පිටත දී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව බවට පත් වනු ඇති.

හේසල්වුඩ්ට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක්ට ද පළමු ටෙස්ට් තරගය අහිමි වී ඇත්තේ ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

එමෙන්ම වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන්ගේ ඇගිල්ලක ආබාධය ද මෙතෙක් සුව වී නොමැති බැවින් තවමත් ඔහුට පන්දු යැවීමේ හැකියාව ලැබී නැහැ.

Australia Test squad :

Pat Cummins (c), Ashton Agar, Scott Boland, Alex Carey, Cameron Green, Peter Handscomb, Josh Hazlewood, Travis Head, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Lance Morris, Todd Murphy, Matthew Renshaw, Steve Smith, Mitchell Starc, Mitchell Swepson, David Warner.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...