Watch : ඩුබායි පිලට ජය ගෙන ආ දසුන්ගේ සුපිරි ඉනිම මෙන්න

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ (International League T20) 29 වැනි තරගයේ දී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ඩුබායි කැපිටල්ස් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.

ඩුබායි හී දී පැවැති මෙම තරගයේ දී ඔවුන් හමුවේ කඩුලු 7 කින් පරාජයට පත් වූයේ එම් අයි එමිරේට්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එමිරේට්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 164 ක් ලබා ගත්තා.

නායක නිකලස් පූරාන් ලකුණු 43 ක් රැස් කළ අතර, මුහම්මද් වසීම් හා Dan Mousley (නෙදැවී) ලකුණු 31 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී ජැක් බෝල් ලකුණු 37 කට කඩුලු 3 ක් බිද හෙලුවා. ඇඩම් සම්පා ලකුණු 24 කට දවා ගත් කඩුලු ගණන 2ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩුබායි කණ්ඩායම පන්දුවාර 18.1 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සිකන්ඩ රාසා නොදැවී ලකුණු 56 ක් රැස් කළේ පන්දු 36 කින්. දසුන් ශානක නොදැවී ලකුණු 58 යි. පන්දු 36 කින් වාර්තා වූ ඔහුගේ ඉනිම හයේ පහර 3 කින් හා හතරේ පහර 5 කින් වර්ණවත් වුණා.

දසුන් ශානකගේ ඉනිමේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...