සෑම් කරන්ට 15%ක දඩයක්

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක සෑම් කරන්ට තරග ගාස්තුවෙන් 15% ක දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන්.

එම තරගයේ දී ටෙම්බා බවුමාගේ කඩුල්ල දවා ගැනීමෙන් අනතුරුව විනය විරෝධී ලෙස එය සැමරූ බවටයි සෑම් කරන්ට චෝදනා එල්ල වූයේ.

දඩ මුදලට අමතරව සෑම් කරන්ගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද නියම කිරීමට අයි.සී.සී ය කටයුතු කර තිබෙනවා.

සිදු කළ වරද හා ලබා දුන් දඩුවම සෑම් කරන් විසින් පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...